Posts

Image
  සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම බැස යන හිරුගේ මලානික එලියෙන් අමුතුම සුන්දරත්වයක් මෙන්ම පාළු හුදකලා බවක් මතු කරයි. හිරු එලිය වැටී දිලිසෙන සයුරු රළ වෙනදාටත් වඩා වේගයෙන් ගොඩබිම දෙසට දිව එන්නේ හැකිනම් ගොඩබිමෙහි නවතාගන්නට කියන්නාක් මෙනි.. සුසුමක් හෙලූ වෙරෝනිකා හදිසියේ යමක් සිහිවූවාක් මෙන් වටපිට බැලුවේ කුඩා පුතු කොහේදැයි දැනගැනීමටයි. දවස් කිහිපයකට පෙර දුර ගමනකින් පසු සයුරු තීරයේ කුඩා ගම්මානය වෙත පැමින ටික දිනක් ගෙවුන මුත් ඇයට තවමත් මෙම ගම්මානය නුපුරුදුය. බෝලයක් අතින් ගත් පුතු කිසිවෙකු සමග කතා බහ කරමින් සිටි දුටු වෙරෝනිකාගේ දෑස ගිනියම් වූයේ බැස යන හිරුටත් වඩා තද රතු පැහැයෙනි..වේගයෙන් එදෙසට දුව ගිය ඇය පුතුගේ අතින් ඇදගෙන එතනින් පලා ගියේ සැණෙකෙනි. "කියලා තියෙනවා නේද දන්නේ නැති මිනිස්සු එක්ක කතාවට යන්න එපා කියලා? යනවද ආයෙත්?" කුඩා පුතු කෑ ගසා හඩද්දී ඇය ඔහුට පහර කිහිපයක් ගැසුවේ සිතේ ඇති වූ ආවේගයටම මිස තරහකින් නොවන බව ඇය සිහිකරේ ඉකිගසමින් නිදා සිටිනා කුඩා පුතු දුටු පසු ශෝකයෙන්ය. "...